ගමෙන් ලියුමක් ඇවිල්ලා Lyrics
ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ..
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ..
ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ..
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ..
පහළ කුඹුරේ නිල් ගොයම් දැන්
හරිම සරුසාරයි..
වැසි වැටී වැව් ළිං පිරීලා
හරිම සිටියාවයි..
තවත් ආරංචී ගොඩයි
ලියන්නට ලැජ්ජයි..
ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ..
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ..
ගෙදර අය සතුටින් සිටින්නේ
මල්ලි දැකගන්නයි..
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ
වැඩත් වැඩි වෙන්නයි..
ළඟදි එනවා නම් හොඳයි
නිවාඩුව දැන් දැන් ළඟයි..
ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ..
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ..
ගමෙන් ලියුමක් ඇවිල්ලා
අක්කගෙන් වාගේ..
මොකක් කියලාද දන්නෑ
එහෙ ගියෙත් නෑනේ...