කිරි මූද කලඹාලා ගෙනා

kiri muda kalabala gena

Clarence Wijewardena
කිරි මූද කලඹාලා ගෙනා Lyrics

කිරි මූද කලඹාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන්‌ මා ගෙනා
මගේ කුඩා පුතුටයි

කිරි මූද කලඹාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන්‌ මා ගෙනා
පැතුම්‌ මගේ පුතුටයි

ගීතයයි මලයි.. සිහින ලෝකයයි..
රන්‌ තරුයි සඳයි.. පුතේ ඔබේ තමයි..
සිහිනෙකින්‌ ඔබේ.. දෙනොල්‌ සැලෙයි ඉබේ..
තරු මෙන්‌ ගුවන්‌ ගැබේ.. දිලෙයි දෙනෙත්‌ ඔබේ..

කිරි මූද කලඹාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන්‌ මා ගෙනා
පැතුම්‌ මගේ පුතුටයි

තාත්තාගේ සිතේ.. පැතුම්‌ පිරි ඇතේ..
අම්මාගේ සිතේ.. සෙනෙහේ පිරි ඇතේ..
ඔබේ කුඩා නෙතේ.. කැලුම්‌ බැලුම්‌ පුතේ..
සදා අපේ සිතේ.. රැඳී තිබෙයි පුතේ..

කිරි මූද කලඹාලා ගෙනා
මගේ කුඩා පුතුටයි
මුතු මාළිගාවෙන්‌ මා ගෙනා
පැතුම්‌ මගේ පුතුටයි

Video thumbnail