රන් දුනුකේ මල සේ Lyrics
රන් දුනුකේ මල සේ
රන් මැණිකේ සැරසේ
පති කුලයේ කුමරා
ඇය කැන්දා යනවා
සුදු සේල ගතේ එතුනා
ගෙල මාල හතක් බැඳුණා
රස විහිළු කතා ඇසුනා
මුව කෝල සිනා පිපුණා
රන් දුනුකේ මල සේ
රන් මැණිකේ සැරසේ
පති කුලයේ කුමරා
ඇය කැන්දා යනවා
ඇගෙ මෑණි පියා දෙදෙනා
පොඩි දෝණි කියා කියනා
මේ රූපෙ යොවුන් ලලනා
අද දීග ගමන් යනවා
රන් දුනුකේ මල සේ..
රන් මැණිකේ සැරසේ..
පති කුලයේ කුමරා..
ඇය කැන්දා යනවා...