ඉරිදාට පල්ලියේදි(මගෙ මස්සිනා)

iridata palliyedi mage massina

Daddy
ඉරිදාට පල්ලියේදි(මගෙ මස්සිනා) Lyrics

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදත්‌ ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම්‌ සිකුරාදා
ශනිදාවක්‌ නෑ අපට මගෙ මස්සිනා ඉන්නකන්‌

අපි කාටත්‌ ඇති සෙනසුරාදාව
මගෙ සතියේ දිනයක්‌ නොවන බවට
මම ආදරේ කරන්න පටන්‌ ගත්ත දින සිට මට වැටහුණා
සති අන්තය තුළ මට නිවාඩුවට
මගෙ මස්සිනා ආවම සිරකර නංගිව
අසාධාරණව සෙනසුරාදාව අපගෙන්‌ වෙන්‌ කළා
ශනිදාවන්ට හමු නොවුණත්‌ අනිකුත්‌ හැම දිනයක්ම

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදත්‌ ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම්‌ සිකුරාදා
ශනිදාවක්‌ නෑ අපට මගෙ මස්සිනා ඉන්නකන්‌

ඉර පායන්‌ නෑ සෙනසුරාදාට
මම හිනැහෙන්‌ නෑ සෙනසුරාදාට
මම කන්නෙත්‌ නෑ මම බොන්නෙත්‌ නෑ
මට වැඩකුත්‌ නෑ සෙනසුරාදාව

කිසි ගතියක්‌ නෑ සෙනසුරාදාට
මට නින්දක්‌ නෑ සෙනසුරාදාට
මගෙ කැලැන්ඩරෙත්‌ සෙනසුරාදාව නෑ මස්සිනා ඉන්නකන්‌
ශනිදාවන්ට හමු නොවුණත්‌ අනිකුත්‌ හැම දිනයක්ම

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදත්‌ ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම්‌ සිකුරාදා
ශනිදාවක්‌ නෑ අපට මගෙ මස්සිනා ඉන්නකන්‌

ඉරිදාට පල්ලියේදි සඳුදාට පන්තියේදි
අඟහරුවාදත්‌ ඔබව යළි හමුවෙමි
බදා බ්‍රහස්පතින්දා සිපගන්නම්‌ සිකුරාදා
ශනිදාවක්‌ නෑ අපට
මගෙ මස්සිනා ඉන්න..
මගේ මස්සිනා යන්න..
මගේ මස්සිනා ඉන්නකන්‌

Video thumbnail