ටිකෙන් ටික ටිකෙන් ටික Lyrics
ටිකෙන්.. ටික ටිකෙන් ටික.. අපි ආවද මේ තරම් දුර
කටින්.. කට කටින් කට.. ලෝකය දැනගෙන අපේ ගැන
විටින්.. විට විටින් විට.. සමහරු අපි ගැන ගෙතූ පද
එකක්.. හැර එකක් හැර.. ජය ගත්තා අද අපේ ලොව
අම්මලාට දුන්නා දෝ කඳුළු කෝටියක්..
තාත්තලා හැංගුවාද මධු විතෙහි දුකක්
කොනක ඉඳන් බලන් ඉන්නේ යාළුවෝ කැලක්..
යන්නට පෙර මධු සමයට දෙන්න ලොකු දුකක්
පොත් මිටියක් මල් කලඹක් වුවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත්.. කල්පනාවේ සිරවී ඇත්තේ
සිතා ගන්න බෑ..
ටිකෙන්.. ටික බිඳෙන් බිඳ.. අපි ආවද මේ තරම් දුර
දුර.. මේ තරම් දුර..
කටින්.. කට කටින් කට.. ලෝකය දැනගෙන අපේ ගැන
(අපේ ගැන...)
විටින්.. විට විටින් විට.. සමහරු අපි ගැන ගෙතූ පද
එකක්.. හැර එකක් හැර.. ජය ගත්තා අද අපේ ලොව