නැතිබැරි කම්.. මගේ දෑසින් හංගා
සෙනෙහස දුන්.. මාගේ අම්මා
හැකි පමණින්.. ඔවදන් දුන්න හින්දා
හැම මොහොතේ.. මට හයියක් වුණා
ඔබ වටිනවා.. මහමෙර තරම්
මට මගෙ රත්තරන් අම්මේ
හැම සංසාරේ.. ඔබ හමුවේවා
මගේම අම්මා වෙලා..
නැතිබැරි කම්.. මගේ දෑසින් හංගා
සෙනෙහස දුන්.. මාගේ අම්මා..
දණ ගාන පොඩි කාලේ තුරුලේ හොවා මා
ඔබේ නින්ද සඟවා දමා..
දොයි දොයි කියා මාව නිදි කෙරුව තාලේ
මගේ හීනේ කවියක් කළා..
හැම සංසාරේ.. ඔබ හමුවේවා..
මගේම අම්මා වෙලා..
හිත හයිය ඇති තරුණ මිනිහෙක් වුණත් මා
මගේ ගාව ඔබ නැවතිලා..
ඔබ අනලා මට කවන බත් කට රසයිනේ
මේ ලෝකේ හැමටත් වඩා..
හැම සංසාරේ.. ඔබ හමුවේවා..
මගේම අම්මා වෙලා..
නැතිබැරි කම්.. මගේ දෑසින් හංගා
සෙනෙහස දුන්.. මාගේ අම්මා
හැකි පමණින්.. ඔවදන් දුන්න හින්දා
හැම මොහොතේ.. මට හයියක් වුණා
ඔබ වටිනවා.. මහමෙර තරම්
මට මගෙ රත්තරන් අම්මේ
හැම සංසාරේ.. ඔබ හමුවේවා
මගේම අම්මා වෙලා..
නැතිබැරි කම්.. මගේ දෑසින් හංගා
සෙනෙහස දුන්.. මාගේ අම්මා...