මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැකගන්නයි
මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මේ මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අව්ව වැස්ස රෑ දහවල් එකයිනේ අපට
එකම හිතෙන් ඇවිත් ඉන්නේ අපි සේවයට
කිසිම භයක් දැනෙන්නෙ නැහැ කොහොමත් සිතට
සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට
මම සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට
මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැකගන්නයි
මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මේ මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
වීර පුතුන් බිහිකර රට රකින්ඩ පුදනා
අම්මවරුන් පා යුග වැඳ පුදන්ඩ ඕනා
අම්මේ ඔබ කල සේවය සදහට අගනා
ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා
ලක් ඉතිහාසයේ ලියවෙයි මතු දිනයක සොඳිනා
මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැකගන්නයි
මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මේ මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මේ මම සිතුවේ ඉම් ලිපිය ලියන්න
මේ සටනින් මා මියගිය දිනයක ඔන්න
මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න
බාල පුතත් හමුදාවට භාර කරන්න
ඔබේ බාල පුතත් හමුදාවට භාර කරන්න
මා ආදරණීය මගේ අම්මා වෙතටයි
මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි
අපි ඉපදිලා ඉන්නේ අපේ රට රැකගන්නයි
මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මේ මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි
අම්මේ මා කැපවුණේ ඒ යුතුකම ඉටු කරලන්නයි...