සිතුනාද සිතුවාද වීරයා හසලක
කඳවුර බේරගන්නට
පැන්නාද පැන්නා
ඒ මරුවා දැක දැක
මාරක බුල්ඩෝසරෙට
සිතුනාද සිතුවාද වීරයා හසලක
කඳවුර බේරගන්නට
පැන්නාද පැන්නා
ඒ මරුවා දැක දැක
මාරක බුල්ඩෝසරෙට
ඒ සුදු වැලි කතරේ
මහ තල් ගස් අතරේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
මාර කොටි වනන්තරේ
රෑ යාමේ කළුවරේ
මේ ගාමිණි මුර සේවයේ හිටියේ
රුදුරු මහ ගන අඳුරේ
අවට කළු දුම පැතිරේ
මර හඬ දීගෙන හිටි හැටියේ
සතුරන්ගේ කරදරේ
රටට කොඩිවිනය කරේ
මේ.. බෝම්බ අටවලා යුධ පිටියේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පිදුවනේ මරුවා ඉදිරියේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පිදුවනේ මරුවා ඉදිරියේ
මරාගෙනම මැරෙන්ට
අපේ සෙබළු නසන්ට
මුන් එන්නෙ කඳවුර තුලට
වීර උදාර ලෙසට
ගාමිණී හනිකට
ගත්තා ගතයුතු පියවර ඊළඟට
අත ළඟම මරු කට
මාර යක්ෂයෝ ලෙසට
කඩා පැන්නේ කඳවුර තුලට
ගාමිණී හනිකට
බෝම්බ ගත්තා දෑතට
පැන්නලු එන බුල්ඩෝසරෙට
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පිදුවනේ මරුවා ඉදිරියේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පිදුවනේ මරුවා ඉදිරියේ
ඉතින් කොටි බල බිඳුණා
ගාමිණී නැතිවුණා
ඒ බුල්ඩෝසර සුනු විසුණු වුණා
යුද්ධ කඳවුර රැකුණා
අපේ සෙබළු බේරුණා
තවත් එඩිතර වීරයෙක් නැතිවුණා
මුළු හසලක ගමට
ඒ ගාමිණී නමට
වීර පදක්කම්ද හිමිවුණා
රටේ හැම ජාතියට
ඔබ කල සේවයට
අපේ උපහාරය පුදන්නට වුණා
සිතුනාද සිතුවාද වීරයා හසලක
කඳවුර බේරගන්නට
පැන්නාද පැන්නා
ඒ මරුවා දැක දැක
මාරක බුල්ඩෝසරෙට
සිතුනාද සිතුවාද වීරයා හසලක
කඳවුර බේරගන්නට
පැන්නාද පැන්නා
ඒ මරුවා දැක දැක
මාරක බුල්ඩෝසරෙට
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පුදකලේ මරුවා ඉදිරියේ
එදා අලිමංකඩ මහ යුධ පිටියේ
එයා දිවි පිදුවන් මරුවා ඉදිරියේ