සිත්තම්‌ කරමින්‌... මනසේ ඔබෙ රුව

siththam karamin manase obe ruwa

Dayan Witharana
සිත්තම්‌ කරමින්‌... මනසේ ඔබෙ රුව Lyrics

සිත්තම්‌ කරමින්‌... මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා..
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා..
විඳින්න දුන්‌ ජීවිතය අරන්‌ මම
විඳවන්නද මේ.. භවය පුරා..

දෙලොවක්‌ අතරේ.. සරණ ඔබේ හිත
මෙතරම්‌ සසලෙන්‌ නැතිව ඇතී..
ඔබ මගෙ මුළු ලෝ..කයම නිසා මට
වැඩියෙන්‌ දුක දැනෙනවා ඇතී..
විඳින්න දුන්‌ ජීවිතය අරන්‌ මම
විඳවන්නද මේ.. භවය පුරා..

භවයෙන්‌ භවයේ.. අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා..
සමුගනිමුද අපි.. අපේම වු මතු
භවයක යළි.. හමුවෙමුයි පතා..
විඳින්න දුන්‌ ජීවිතය අරන්‌ මම
විඳවන්නද මේ.. භවය පුරා..

සිත්තම්‌ කරමින්‌... මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා..
රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා..
විඳින්න දුන්‌ ජීවිතය අරන්‌ මම
විඳවන්නද මේ.. භවය පුරා..

Video thumbnail