වසත්‌ කාලය මනරම්‌

wasath kalaya manaram

Dayan Witharana
වසත්‌ කාලය මනරම්‌ Lyrics

සා.. නිසනි පමා.. පාමා..

වසත්‌ කාලය මනරම්‌
ඔබ මලක්‌ වෙනවා නම්‌
මගේ උයනේ නිකැළැල්‌
පීදිලා එනු හැම කල්‌

සා.. නිසනි පමා.. පාමා..

මම දුරන්‌ සුපිපෙන්නම්‌
නුඹට ළංවෙනු තහනම්‌
අනුන්‌ සතු උයනේ මං
පීදිලා ළතැවෙන්නම්‌

නෙලනු බැරි මල්‌ ඇයි මේ සොඳුරු
හිතක නැනි මල්‌ ඇයි මට නුදුරු
පැතු මලේ රුසිරූ.. මන්ද මට පස මිතුරූ..

මලක්‌ වී පැතු බමරෙකු නොලැබු
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොඳුරූ.. මට නොවෙද පස මිතුරූ..

වසත්‌ කාලය මනරම්‌
ඔබ මලක්‌ වෙනවා නම්‌
මගේ උයනේ නිකැළැල්‌
පීදිලා එනු හැම කල්‌

සා.. නිසනි පමා.. පාමා..

මම දුරන්‌ සුපිපෙන්නම්‌
නුඹට ළංවෙනු තහනම්‌
අනුන්‌ සතු උයනේ මං
පීදිලා ළතැවෙන්නම්‌

නෙලු මලක්‌ වුව මල්‌ ලොව කවුරු
දුරින්‌  ඉඳ මම නරඹමි රුසිරු
නොවෙන්‌ මට නපුරූ .. කඳුළ මගෙ ළඟ මිතුරූ..

හිත පුරා ඇවිදින ඔබෙ පිළිරු
අහිමි දුක වළකමි කොයි අයුරු
දුරින්‌ හිඳ නුදුරූ.. නිවන මැන ගිනි පුපුරූ..

වසත්‌ කාලය මනරම්‌
ඔබ මලක්‌ වෙනවා නම්‌
මගේ උයනේ නිකැළැල්‌
පීදිලා එනු හැම කල්‌

සා.. නිසනි පමා.. පාමා..

මම දුරන්‌ සුපිපෙන්නම්‌
නුඹට ළංවෙනු තහනම්‌
අනුන්‌ සතු උයනේ මං
පීදිලා ළතැවෙන්නම්‌

ආ...

Video thumbnail