ජය සිරි මහ බෝධී Lyrics
ජය සිරි මහ බෝධී..
රන්වැලි සෑ ආදී
මිහින්තලය ඉසුරුමුණිය
අවුකන සිරිපා හිමේ
රන් රන්ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙළේ
අනුරපුරය පොළොන්නරුව
තිස්සමහාරාම නුවර
රුහුණු පිහිටි මායා රට
පවසයි නිදහස් උදාන
ජය සිරි මහ බෝධී..
රන්වැලි සෑ ආදී
මිහින්තලය ඉසුරුමුණිය
අවුකන සිරිපා හිමේ
රන් රන්ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙළේ
මහවැලි කළු කැළණි නදී
වලවේ ගිං සිසිල දිදී
නිවහල් නව ගීත ගයයි
නවෝදයට අසිරි පතයි
ජය සිරි මහ බෝධී..
රන්වැලි සෑ ආදී
මිහින්තලය ඉසුරුමුණිය
අවුකන සිරිපා හිමේ
රන් රන්ගිරි දඹුලු ගලේ
සරණයි නිදහසට හෙළේ
හැම ගහකම මල් පිපෙන්න
තුරුවැල් සැම පල දරන්න
තිසරණ සරණේ බලයෙන්
අප සිරිලක රැක දේවා
අප සිරිලක රැක දේවා
අප සිරිලක රැක දේවා
අප සිරිලක රැක දේවා