කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ...
ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ.
ආදරේ.. ආදරේ
කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ..
ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ..
ආදරේ.. ආදරේ
කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ..
පුළුලු උකුලු සිහිනිඟ සුඟ
සුනිල උපුල.. දිගු නෙතු යුග
සඳෙස් කවක උපමාවක් යොදාලා
පෙම් කවක් ලියන්නෙමි පත්තිරු පුරාලා
පෙම් කවක් ලියන්නෙමි පත්තිරු පුරාලා
කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ...
ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ..
ආදරේ.. ආදරේ
කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ..
නැකැත් අරන් මා එනතුරු
හෙට කුකුළා.. හඬලන තුරු
ප්‍රේම ගඟේ ගීය හෙමින් ගයාලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැඟිලා
අපි යන්න යමුද පෙම් ඔරුවක නැඟිලා
කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ..
ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ..
ආදරේ.. ආදරේ
කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ..
ඇගෙ අහංකාර බැල්මට බැඳි ආදරේ..
ආදරේ.. ආදරේ
කිරි කවඩි සිනහා නොදැක බැඳුණු ආදරේ...