සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ Lyrics
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ..
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ. .
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ..
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ. .
දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ..
අපි තනිවී දොඩමලු වු හැටි පෙනියේ..
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ..
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ..
කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ..
එදා ළපළු හෙවණේ සරතැස නිවුනේ..
අපේ මියුරු සීන පිරුණු රජ දහනේ..
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ..
කෝල බැලුම් හෙලා රඟන පරෙවියනේ..
මාල බැඳුණු ගෙල කුමරිගෙ හඳපානේ..
හීනෙන් දකුමට විතරයි උරුම උනේ..
හන්තානේ කුමරියෙ නාඩන් ලසඳේ.
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ..
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ. .
සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ..
කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ...