එක මොහොතක්‌ හැකිද ඔබට

eka mohothak hakida obata

Deepika Priyadarshani
එක මොහොතක්‌ හැකිද ඔබට Lyrics

එක මොහොතක්‌ හැකිද ඔබට
මගෙ නෙතු වෙන්න..
සාගරයක්‌ වගේ ගලන
කඳුළු දකින්න..

එක මොහොතක්‌ හැකිද ඔබට
මගෙ ළය වෙන්න..
නිමක්‌ නැතිව හෙලන සුසුම්‌
හඬ කන්‌ දෙන්න..

එක මොහොතක්‌ හැකිද ඔබට
මගෙ හිත වෙන්න..
දිවිය පුරා දරාන වුන්‌
දුක විඳගන්න..

එක මොහොතක්‌ හැකිද ඔබට
මම වී ඉන්න..
ජීවිතයම රිදවූ
පාළුව උහුලන්න..

එක මොහොතක්‌ හැකිද ඔබට
මගෙ නෙතු වෙන්න..
සාගරයක්‌ වගේ ගලන
කඳුළු දකින්න..

එක මොහොතක්‌ හැකිද ඔබට
මගෙ නෙතු වෙන්න..
සාගරයක්‌ වගේ ගලන
කඳුළු දකින්න...

Video thumbnail