කඳුළු හෙළා නෑඹිලියට

kandulu hela nabiliyata

Deepika Priyadarshani
කඳුළු හෙළා නෑඹිලියට Lyrics

කඳුළු හෙළා නෑඹිලියට සහල්‌ ගරනඅම්මා..
සුසුම්‌ හෙළා ගිනි දළු ගෙන.. ලිප මොලවන අම්මා..
වෙල්‌ දෙනි වල ඇවිද ගොසින්‌.. වෙරළු ගෙනැත්‌ අම්මා..
ඉණි වැට ළඟ බලා සිටී.. අපි එනතුරු අම්මා..

මවුකිරි බිඳෙන්‌ බිඳ දෙතොලට පොවාලා..
පෙව්‌ කිරි බිඳෙන්‌ බිඳ ලෝකය නිවාලා..
සක්විති වෙයන්‌ යැයි සිඹ සිඹ කියාලා..
අම්මාවරුන්‌ දුක්‌ වින්දා හඬාලා..

කඳුළු හෙළා නෑඹිලියට සහල්‌ ගරනඅම්මා..
සුසුම්‌ හෙළා ගිනි දළු ගෙන.. ලිප මොලවන අම්මා..
වෙල්‌ දෙනි වල ඇවිද ගොසින්‌.. වෙරළු ගෙනැත්‌ අම්මා..
ඉණි වැට ළඟ බලා සිටී.. අපි එනතුරු අම්මා..

දරුවන්‌ අනේ රජ වෙනතුරු මග බැලුවා..
දුක සැප බලන්නට නාවත්‌ සෙත්‌ පැතුවා..
දරු සෙනෙහසින්‌ මුහුදත්‌ කඳුළක්‌ කරවා..
බුදු වෙන පුතුන්‌ හට ඇය ඉණිමං තැනුවා..
බුදු වෙන පුතුන්‌ හට ඇය ඉණිමං තැනුවා..
බුදු වෙන පුතුන්‌ හට ඇය ඉණිමං තැනුවා...

Video thumbnail