ගිම්හාන කාලේ සුදු වැලිතලා Lyrics
ගිම්හාන කාලේ.. සුදු වැලිතලා..
ගංදෑල මානේ.. සිත තනිකළා..
කාලය ඉගිල්ලී.. අතීතය සොයා..
ඔබ එනතුරා මා.. තව ඉන්නවා..
ඔබ එනතුරා මා.. තව ඉන්නවා..
කවුරුන්ද මුමුණන්නේ ඒ ඔබමදෝ
දිය බිඳෙන හඬ වෙන්න බෑ..
ඒ කාලයේ.. අපගේ පැතුම්
යළි එන්න බැරි ඇයිද ඒ සිහිනයේ
හමුවන්න බැරි ඇයිද ගං නිම්නයේ
ගිම්හාන කාලේ.. සුදු වැලිතලා..
ගංදෑල මානේ.. සිත තනිකළා..
කාලය ඉගිල්ලී.. අතීතය සොයා..
ඔබ එනතුරා මා.. තව ඉන්නවා..
ඔබ එනතුරා මා.. තව ඉන්නවා..
කාලයට පවසන්න වෙනදා වගේ
සරසන්න ලියගොමු මලින්
ඉඳුවර නෙතින්... පෑ සෙනෙහසින්
යළි නේන සුවඳක්ව ඒ සිහිනයේ
හමුවන්න බැරි ඇයිද ගං නිම්නයේ
ගිම්හාන කාලේ.. සුදු වැලිතලා..
ගංදෑල මානේ.. සිත තනිකළා..
කාලය ඉගිල්ලී.. අතීතය සොයා..
ඔබ එනතුරා මා.. තව ඉන්නවා..
ඔබ එනතුරා මා.. තව ඉන්නවා..