සුළඟක් වී.. මං යනවා..
දුර අහසේ.. ඇවිදින්නට....
අප්පච්චි කොහොමද.. මං අල්ලන්නේ
අහසක් සේ.. දූ යන මග
පුළුන් වලා.. අතුරනවා...
එහෙමයි මගෙ දෝනී.. මං රැකගන්නේ
පණ වාගෙයි මගෙ දූ.. මං රැකගන්නේ
මහ ගංවතුරක් වීලා....
හරි වේගෙන් මං ගලනවා...
ලොකු ගස්වැල් කඳුවැටි හෙම
උදුරා පොළොවට දමනවා
අප්පච්චි කොහොමද.. මං වලකන්නේ...
මං මහ මුහුදක් වෙනවා
දූ එනතුරු තනි රකිනවා
ආදරයෙන් මග බලනවා..
තුරුලට ගෙන සනසවනවා..
මං ළඟ නොවැ දූ.. සැමදා සැනසෙන්නේ..
මං බොරු තරහක් ගන්නවා
ඇස් රතුවෙනකල් අඬනවා
තුරුලට අරගෙන හිටියත්
නැලවෙන් නැතුවම ඉන්නවා
අප්පච්චි කොහොමද... මං නලවන්නේ
දුවටත් වැඩියෙන් හයියෙන්
එතකොට නම් මට ඇඬෙනවා...
දූගේ කඳුළු මං ගන්නවා..
දු නැලවෙනකල් අඬනවා..
මං ඇඬුවම දූ.. නොවැ මා නලවන්නේ..
සුළඟක් වී.. මං යනවා..
දුර අහසේ.. ඇවිදින්නට
අප්පච්චි කොහොමද.. මං අල්ලන්නේ
අහසක් සේ.. දූ යන මග
පුළුන් වලා.. අතුරනවා
එහෙමයි මගෙ දෝනී.. මං රැකගන්නේ
පණ වාගෙයි මගෙ දූ.. මං රැකගන්නේ.....