Handa mama udin yathe

Handa mama udin yathe

freddie silva
Handa mama udin yathe Lyrics

හඳ මාමා උඩින්‌ යතේ..
අපෙ මාමා බිමින්‌ යතේ...
හඳ මාමා උඩින්‌ යතේ.....
අපෙ මාමා බිමින්‌ යතේ
හඳ මාමා.. උඩින්‌ යතේ..
අපෙ මාමා.. බිමින්‌ යතේ..

හඳ මාමයි අපෙ මාමයි දෙන්නා...
එක කන්තෝරුවේ වැඩ කෙරුවේ...
දෙන්නට දෙන්නා කිරිපැණි වාගෙයි..
කන්තෝරුවවෙ නිලතල දැරුවේ...
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියේ...
අනාගතය ගැනමයි බැලුවේ...
අපෙ මාමා ඔහෙ කකුල්‌ වන වනා..
එදා දවස ගැනමයි හිතුවේ...

හඳ මාමා උඩින්‌ යතේ..
අපෙ මාමා බිමින්‌ යතේ...
හඳ මාමා උඩින්‌ යතේ.....
අපෙ මාමා බිමින්‌ යතේ
හඳ මාමා.. උඩින්‌ යතේ..
අපෙ මාමා.. බිමින්‌ යතේ..

දියුණු වන්න වෙලාවක්‌ නැතිවිය...
අපෙ මාමා තව පහළ ගියා....
රාජකාරි හරි අකුරට ඉටු කළ...
හඳ මාමා තව ඉහළ ගියා..
නිතරම තමන්ගේ අනාගතය ගැන..
සිතීම වැදගත්‌ නොවෙද කියා...
ආකාසේ ඉඳ තැන්පත්‌ ගතියෙන්‌..
ඇත හඳ මාමා දෙනෙත අයා...

හඳ මාමා උඩින්‌ යතේ..
අපෙ මාමා බිමින්‌ යතේ...
හඳ මාමා උඩින්‌ යතේ.....
අපෙ මාමා බිමින්‌ යතේ
හඳ මාමා.. උඩින්‌ යතේ..
අපෙ මාමා.. බිමින්‌ යතේ..
හඳ මාමා.. උඩින්‌ යතේ..
අපෙ මාමා.. බිමින්‌ යතේ...

Video thumbnail