Dam patin la sanda basa yanawa

Dam patin la sanda basa yanawa

gunadasa kapuge
Dam patin la sanda basa yanawa Lyrics

දම්‌ පාටින්‌ ළා සඳ බැස යනවා
අකාසේ රන්වන්‌ පාටයි
සමුගෙන යන්න මගෙන්‌ තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි..
නොදොඩා ඉන්නේ ඇයි..

දම්‌ පාටින්‌ සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක්‌ නැඟෙයි
දෑසට ළංව තවත්‌ මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්...

සෙවණැලි නොමැකේ නම්..
එළිය කළු නොවේ නම්..

සෙවණැලි නොමැකේ නම්..
එළිය කළු නොවේ නම්..
බිත්ති පුරා ඔබෙ
සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි.. එනතුරු
සොයා මගේ සෙනෙහස මතුදා..

දම්‌ පාටින්‌ ළා සඳ බැස යනවා
අකාසේ රන්වන්‌ පාටයි
සමුගෙන යන්න මගෙන්‌ තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි..
නොදොඩා ඉන්නේ ඇයි

දම්‌ පාටින්‌ සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක්‌ නැඟෙයි
දෑසට ළංව තවත්‌ මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්...

‍රෑ කල දිගුවේ නම්...
ළා සඳ නොමැකේ නම්...

‍රෑ කල දිගුවේ නම්...
ළා සඳ නොමැකේ නම්...
නෙළුම්‌ පතක රැඳි
පිනි බිඳුවක්‌ සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු  නැගෙන තුරා..

දම්‌ පාටින්‌ ළා සඳ බැස යනවා
අකාසේ රන්චන්‌ පාටයි
සමුගෙන යන්න මගෙන්‌ තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි..
නොදොඩා ඉන්නේ ඇයි

දම්‌ පාටින්‌ සඳ මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක්‌ නැඟෙයි
දෑසට ළංව තවත්‌ මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මම්...
ගොළුවී ඉන්නෙමි මම්...

Video thumbnail