Dawasak pala nathi hene

Dawasak pala nathi hene

gunadasa kapuge
Dawasak pala nathi hene Lyrics

දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගා ගෙන මා
ඔබ තෙමුණා අම්මේ...
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ..

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුන දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇළේ නැම්මේ...
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ..

ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ...

කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ අඬලන කොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ..
මන්‌ එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ.....

මන්‌ එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ.....

ඉන්නවා...ද අම්මේ.....

Video thumbnail