Dethola noki de denethe kiyawenawa Lyrics
දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉරහඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ..
හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ..
පුංචි හිතේ පොඩි මධු මල් පිපිලාදෝ..
හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ..
පුංචි හිතේ පොඩි මධු මල් පිපිලාදෝ..
ගෙදර බුදුන් මුව උදානයක් වූ
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුණේ..
දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉරහඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ..
බාල බොළඳියේ ඉස්සර හුරතල් වූ..
කවට සිනාකෙළි සඟවා තැබුවාදෝ..
බාල බොළළඳියේ ඉස්සර හුරතල් වූ..
කවට සිනාකෙළි සඟවා තැබුවාදෝ..
වසන්තයට පෙර කැකුලට ළං වී
නංගිගෙ හිත ළඟ කවුරුද මුවා වුණේ..
දෙතොල නොකී දේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉරහඳ තියලා
ආදර හිත ළඟ කවුරුද මුවා වුණේ...