Oba pem karana obe kumari

Oba pem karana obe kumari

gunadasa kapuge
Oba pem karana obe kumari Lyrics

ඔබ පෙම්‌ කරනා ඔබේ කුමාරි
ඔබට ආදරේ කියනා අයුරින්‌
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරෙයි කියා තිබේ..
ඔබ පෙම්‌ කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ..

සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක මා තුරුලට වී හිඳ
මටද ආදරෙයි කියා තිබේ..
ඔබ පෙම්‌ කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ..

සක්මන්‌ මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමලු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්‌
මටද ආදරෙයි කියා තිබේ..
ඔබ පෙම්‌ කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ...

Video thumbnail