සිටු කුමාරියේ... නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි..
අගහිඟ නරකයි
සිටු කුමාරියේ... නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිඳී
නිල් තරු එළි හීන රටින් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ..
ඒක කියන්නේ
සිටු කුමාරියේ... නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි..
අගහිඟ නරකයි
සිටු කුමාරියේ... නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
කනකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ...
ඒක කියන්නේ
සිටු කුමාරියේ... නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි..
අගහිඟ නරකයි
සිටු කුමාරියේ... නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
සිටු කුමාරියේ... නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි..