Ahaganna piliganna owath wadada malli

Ahaganna piliganna owath wadada malli

gypsies
Ahaganna piliganna owath wadada malli Lyrics

අහගන්න.. පිළිගන්න..
බොරු නොකියමි ඔහෙලට..
ලෝකේ පුරා සැරිසරලා ගිය ගිය තැන කප්‌ ගහලා
ආවෙමි මම සියරට බලලා..
මගේ තිබෙන වටිනාකම
ඒ උදවිය දැනගත්තම වැඳ වැඳ කීවා නවතින්න..

ඕවත්‌ වැඩද.. මල්ලි ඕවත්‌ වැඩද
රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලේ මෝඩ තාලේ
කොන්‌ඩෙ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්‌...

මුළු ලොව.. බය කල..
මහා ත්‍රස්තවාදියා..
බින්‌ ලාඩන්‌ අල්ලගන්න ජෝර්ජ්‌ බුෂ්ට බැහැලු ඔන්න
මට කියනවා අල්ලලා දෙන්න..
ජාත්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන්නේ නෑනේ මම
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත්‌ වැඩද.. මල්ලි ඕවත්‌ වැඩද
රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලේ මෝඩ තාලේ
කොන්‌ඩෙ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්‌...

හොලිවුඩ්‌.. පුරයේ..
නිළි රැජීන හමුවෙලා..
අමෙරිකාවේ සුනිල්‌ ඉන්න ඉඳලා මාව මැරී කරන්න
කිය කිය වද කෙරුවා ජූලියා රොබටිස්දා
අපේ ගෙදර නෝනා දැන ගත්තොත්‌
ජුලි හතයි මල කෙළියයි
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත්‌ වැඩද.. මල්ලි ඕවත්‌ වැඩද
රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලේ මෝඩ තාලේ
කොන්‌ඩෙ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්‌...

ලෝකෙම.. ජනප්‍රිය..
ගායිකාව මැඩෝනා..
මාත්‌ එක්ක යුග ගීයක්‌ කියන්න ඕනෙමයි කියලා
දවස්‌ ගණන්‌ පස්සෙන්‌ ආවා
අනේ ලංකාවේ ගායිකාවෝ තරහ වේවී එහෙම කලොත්‌
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත්‌ වැඩද.. මල්ලි ඕවත්‌ වැඩද
රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලේ මෝඩ තාලේ
කොන්‌ඩෙ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්‌...

ක්‍රිකට්‌ ලොවේ.. කුසලානේ..
ලංකාවට ගෙනෙන්න...
වොට්මෝරුත්‌ එක්ක බෑනේ සුනිල්‌ අයියා එන්න ඕනේ
සනා බෝයි අඬ අඬ කිව්වා
අයියෝ කොච්‌ කරන එක සිම්පල්‌
බොඩි එකේ ඇතුලේ කචල්‌
ඒක නිසා මං බෑ කිව්වා

ඕවත්‌ වැඩද.. මල්ලි ඕවත්‌ වැඩද
රජ වැඩ කිඩ දෙන්නට උඹ රජ කකුලක්ද
හිතලා මතලා හොයලා බලලා
කෝපි කාලේ මෝඩ තාලේ
කොන්‌ඩ්‌ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්‌

කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්‌
කොන්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන්‌...

Video thumbnail