බුරු ඇඳේ පෙරළි පෙරළි හීන මවනවා
එනවා යනවා සුදු නෑනත් ඔමරි පානවා
තාමත් නෑ නැන්දා මාමා වචනය දුන්නේ
කවදද අපි එක්වෙන්නේ
නැන්දේ මාමේ ඔන්න කිව්වා මේ අහගන්න
වහෙන් ඔරෝ කතා එපා තවත් කියන්න
කල වයසත් ගෙවිලා යයි බෑ ඉවසන්න..
දෙකෙන් එකක් කියන්න
අඩි ගහත්දි මාමා කියයි දුව මට දෙනවා
දර පැලුවම නැන්දත් ඒ දේම කියනවා
තෑගි අරන් නෑනත් අපි වඳිමු කියනවා
තාමත් මම ළතවෙනවා...
නැන්දේ මාමේ ඔන්න කිව්වා මේ අහගන්න
වහෙන් ඔරෝ කතා එපා තවත් කියන්න
කල වයසත් ගෙවිලා යයි බෑ ඉවසන්න..
දෙකෙන් එකක් කියන්න...
බොන්න දීලා තෑගි දීලා සේසත යනවා
ගේදොර වැඩ කරලා දීලා ඇඟත් දිරනවා
තුන් දෙනාම පරණ බණේ තාම දෙසනවා
දැන් නම් මට තද වෙනවා..
නැන්දේ මාමේ ඔන්න කිව්වා මේ අහගන්න
වහෙන් ඔරෝ කතා එපා තවත් කියන්න
කල වයසත් ගෙවිලා යයි බෑ ඉවසන්න..
දෙකෙන් එකක් කියන්න...
නැන්දේ මාමේ ඔන්න කිව්වා මේ අහගන්න
වහෙන් ඔරෝ කතා එපා තවත් කියන්න
කල වයසත් ගෙවිලා යයි බෑ ඉවසන්න..
දෙකෙන් එකක් කියන්න
බැරි නම් බැහැයි කියන්න..
මට බෑ තව ළතවෙන්න..
බෑ බෑ තව ළතවෙන්න..
දෙකෙන් එකක් කියන්න
බැරි නම් බැහැයි කියන්න..
මට බෑ තව ළතවෙන්න..
බෑ බෑ තව ළතවෙන්න..
දෙකෙන් එකක් කියන්න