කැඩපතකින් නෑ කිසි දවසක ගමරාල මූණ බලලා
මග වැටී තිබුණු කැඩපතක් අහුලගෙන තම පිළිරුව දැකලා
අඩමානයක්ම නැත මේ ඉන්නේ මගෙ පියා තමයි කියලා
බිරිඳටත් හොරෙන් උදේ හවස කැඩපතට මිනිහා වැඳලා
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(නෑ...නෑ..)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(නෑ...)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
ගමයගේ ඇතිවුණ වෙනස දුටුව ගම මහගෙට සැක හිතිලා
ඔහු නැති මොහොතක ඇරලා පෙට්ටගම කැඩපත ඈ දැකලා
ඒ දෙස බැලුවිට අඳුනන්නේ නැති ගෑණු රුවක් දැකලා
පුපුර පුපුර හිටියා ගමයා එනතුරු කුඹුරේ ඉඳලා
ගමයා ආවා විතරයි ගේ ඇතුලට බිරිදගේ කෝලහලේ
අනේ.. තවත් ගැණියෙක් මොකට ගෙනාවද මට නැතිවද ආලේ
කැඩපත අරගෙන මූණ බලාලා ගමයා කීවා එවෙලේ
මේකේ සිටින්නේ ගෑණියෙක් නොවෙයි තාත්තා නේද බොලේ
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(අනේ...නෑ... )
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
මගේ වගේමයි තාත්තාගෙත් දැන් රැවුල ගොඩක් වැවිලා
බලන්න සොඳුරිය කියාලා කැඩපත බිරිඳට දික් කරලා
බිරිඳ බලන කොට කෝපෙන් ඔරවන ගැණු රූපේ දැකලා
රැවුලක් කොහෙන්ද මෙයාට හිතුවද මම රැවටෙයි කියලා
අපේ තාත්තාට ඔයා කියනවා ගැණු කෙනෙක් කියලා
මං කියෙන්නේ මේ ගැණියෙක් නොවෙයි මගේ පියා කියලා
තාපසයා ඇති ආරාමය මේ ගැන එයාට කියලා
බේරල්ලක් කරගන්නට යමු අපි සණ්ඩුව නවතලා
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(අනේ...නෑ... )
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
අනේ සාමිණේ පින් සිඳුවෙයි මෙය බේරුම් කර දෙන්න
මේකේ සිටින්නේ මගේ පියැයි මට පුළුවනි අඳුනන්න
බිරිඳ කියනවා ගෑණියෙක්ලු මේ.. බෑ මට ඉවසන්න
සාමිණි බලන්න.. සාමිණි බලන්න.. බලලම පවසන්න
මූණ බලා තාපසයා කැඩපතින් සිනාසීලා නාදෙන්
නුඹලා දෙන්නම මුලා වෙලා දෙන්නම පරදී වාදෙන්
ගෑණු කෙනෙක් නොව ඔබගේ පියත් නොව ඇයි කලබල ලීලෙන්
මේකේ සිටින්නේ සිල්වත් ඇත්තෙක් එයා මෙහේ උන්නාදෙන්
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(නෑ... නෑ...)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ )
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(නෑ නේ..)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(නෑනේ මෙයා)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(අනේ...නෑ... )
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(නෑ... නෑ... )
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(නෑ... නෑ... නෑ... )
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(මේගොල්ලෝ)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා(නෑනේ..)
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා
කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා