Level ekata pass wenna mama nam gange

Level ekata pass wenna mama nam gange

gypsies
Level ekata pass wenna mama nam gange Lyrics

ලෙවල්‌ එකට පාස්‌ වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියල්‌ පන්සීයක යන්තරයක්‌ දැම්මේ
ඒකේ ප්‍රතිඵල ආචා
මගෙ හදවත දුක ගාවා
වැඩ පහකින්‌ පහම ෆේල්‌ වෙලා අන්තිමේ

උඹ නාඩන්‌.. උඹ නාඩන්‌.. උඹට ඕවා හොඳ පාඩම්‌
උඹ නාඩන්‌.. උඹ නාඩන්‌.. උඹට ඕවා හොඳ පාඩම්

යන්තර කරු ගියෙ බලන්ඩ
උනේ කුමක්දැයි අහන්න
මිනිහ දීපු උත්තරයට මට තරු පෙනුණා
මම කිල්ලට අහු වෙලාලු
යන්තරේ බල නැති වෙලාලු
ණයට ගත්ත පන්සීයත්‌ මෙමට නැතිවුණා

මම නම්‌ (ගඟේ පනිනවා)
වතුර (බීලා මැරෙනවා)
(හුස්ම ටිකක්‌ හිර වෙනකොට ගොඩ පීනනවා)
රේල්ලට බෙල්ල නියෙනවා
ජීවිතේ එපා කියනවා
හුටා (කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා)

කඳු නැගලා.. කඳු බැහැලා.. මාස ගණන්‌ දුක්‌ විඳලා
මහා සයිකල්‌ රේස්‌ එකට පුරුදු උනා මං
මගෙ ෆුල්ඩම්‌ එක දමලා ගත්තා වංගුව කපලා
අඹ ලෙල්ලක ලිස්සලා මං ගියානේ ගුවනින්‌

උඹ නාඩන්‌.. උඹ නාඩන්‌.. උඹට ඕවා හොඳ පාඩම්‌
උඹ නාඩන්‌.. උඹ නාඩන්‌.. උඹට ඕවා හොඳ පාඩම්

හිටි අය මගෙ පිටි පස්සෙන්‌ මා පසුකර යයි ඉව්ගෙන්‌
දනි පනි ගා නැගිටලා මම ආයෙත්‌ පැද්දේ
හති දාගෙන පැද්දත්‌ මං අන්තිමේදී තද වෙහෙසින්‌
දිනුම්‌ කණුව ළඟට ආවේ හූ හඬ මැද්දේ

මම නම්‌ (ගඟේ පනිනවා)
වතුර (බීලා මැරෙනවා)
(හුස්ම ටිකක්‌ හිර වෙනකොට ගොඩ පීනනවා)
රේල්ලට බෙල්ල නියෙනවා
ජීවිතේ එපා කියනවා
හුටා (කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා)

චිත්තරපටි ඩිරෙක්ටර්ගෙ බැල මෙහෙවර සේවේ කරලා
සිනමාවට ඇන්ටර්‌ උනේ අතින්‌ ගෙවලා මං
ප්‍රඩුයුසර්ට වැඳලා පුදලා කැමරාමන්‌ ට සපෝටි කොරලා
ඇක්ටි කොරන්ඩ ලැබුණේ එකම සීන්‌ එකයි බං

උඹ නාඩන්‌.. උඹ නාඩන්‌.. උඹට ඕවා හොඳ පාඩම්‌
උඹ නාඩන්‌.. උඹ නාඩන්‌.. උඹට ඕවා හොඳ පාඩම්

මංගල දර්ශනෙ බලන්ඩ මගෙ මිතුරන්‌ වට කරගෙන
සිංහ රජෙක්‌ ලෙසට හෝල්‌ එකට ගියේ මං
හිටපු  එකම සීන්‌ එකත්‌ එඩිටරි මල්ලිගෙ කතුරට
බෙල්ල කැපුණා වගේ කැපිලා වැඩක්‌ නෑනේ දැන්‌...

මම නම්‌ (ගඟේ පනිනවා)
වතුර (බීලා මැරෙනවා)
(හුස්ම ටිකක්‌ හිර වෙනකොට ගොඩ පීනනවා)
රේල්ලට බෙල්ල නියෙනවා
ජීවිතේ එපා කියනවා
හුටා (කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා)

මම නම්‌ (ගඟේ පනිනවා)
වතුර (බීලා මැරෙනවා)
(හුස්ම ටිකක්‌ හිර වෙනකොට ගොඩ පීනනවා)
රේල්ලට බෙල්ල නියෙනවා
ජීවිතේ එපා කියනවා
හුටා (කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා)

(කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා
කෝච්චිය ළං වෙනකොට අපි නැගිටිනවා)

Video thumbnail