පහසුවටත්.. වාසියටත්
දැන දැන වැරදි කරනවා..
එහෙම කලත්.. නිදහසටත්
කියන්න කරුණු නියනවා
නැතිනන් හදලා කියනවා
නැතිනන් හදලා කියනවා
ගමරාලගෙ එළ හරකෙක්
හොරකම් කල හරක් හොරෙක්
දුටු ගමයා කෑගැසුවා
ඈ.. කවුද කවුද කවුද මිනිහෝ
මගෙ හරකා අරන් යන්නේ
ඔහේ ගෙනන් ඔහේ ගන්න
හොඳ නෑ නොවැ දොස් කියන්න
අනේ මගෙ කට
හරකෙක් කොහෙද මා ළඟ..
කඹයනේ අල්ලන් ඉන්නේ
පහසුවටත්.. වාසියටත්
දැන දැන වැරදි කරනවා..
එහෙම කලත්.. නිදහසටත්
කියන්න කරුණු නියනවා
නැතිනන් හදලා කියනවා
නැතිනන් හදලා කියනවා
කිතුලක රා බොන්න හිතී
මිනිහෙක් කිතුලකට නැගී
අයිතිකරුට අසුවුවා
ඕයි.. කවුද ඩෝ ගස් බඩගාන්නේ
පාන්දර ජාමේ
තණකොළ ඩිංගක් කපන්න
හිතුනා ගහ උඩට යන්න
තණකොළ.. ගහ මුදුණේ
තණකොළ නෑ ගහ මුදුණේ..
අනේ.. ඒකයි බිමට බහින්නේ
පහසුවටත්.. වාසියටත්
දැන දැන වැරදි කරනවා..
එහෙම කලත්.. නිදහසටත්
කියන්න කරුණු නියනවා
නැතිනන් හදලා කියනවා
නැතිනන් හදලා කියනවා
මරණවා මම තඩි බළලා
වෙරි වූ මීයෙක් කියලා
බළලා හට මෙය ඇහිලා
ඈ.. මාව මරන්න තෝ
කාපු බීපු වෙලාවට
පුංචි විහිළුවක් කෙරුවට
විහිළු.. හොඳ විහිළ
රාළහාමිලා වගේ අය..
ගණන් ගන්නේ ඇයිද සුළු දෙය
පහසුවටත්.. වාසියටත්
දැන දැන වැරදි කරනවා..
එහෙම කලත්.. නිදහසටත්
කියන්න කරුණු නියනවා
නැතිනන් හදලා කියනවා
නැතිනන් හදලා කියනවා
නැතිනන් මවලා කියනවා
නැතිනන් මවලා කියනවා
නැතිනන් පැනලා දුවනවා
නැනිනන් පැනලා දුවනවා
සමහරු ගහලා දුවනවා
සමහරු ගහලා දුවනවා
නැතිනන් හදලා කියනවා
නැතිනන් හදලා කියනවා
නැතිනන් මවලා කියනවා
නැතිනන් මවලා කියනවා