Thaththa mata anapu tokka

Thaththa mata anapu tokka

gypsies
Thaththa mata anapu tokka Lyrics

තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුණා
ඒ ඇරපු සත්තම්‌ වලට කන්දෙක මගෙ පිරුණා

එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක්‌ වාගෙයි තාත්තේ

දෙවියන්‌ වඳිනා දෑතින්‌ දෙපා වඳින්නම්‌ තාත්තේ

ඉස්කෝලේ ගිහින්‌ ඇවිත්‌ පොතපත විසි කරලා
කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
අහුවුණාම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
දුන්නේ නැද්ද කණ පැලෙන්න කේන්තියෙන්‌ බැනලා

එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක්‌ වාගෙයි තාත්තේ
එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
දෙවියන්‌ වඳිනා දෑතින්‌ දෙපා වඳින්නම්‌ තාත්තේ

සංගීතෙන්‌ ඉහළ යන්න අප උනන්දු කරලා
පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීතිරීති දමලා
අතපසු කම්‌ වුණොත්‌ අපෙන්‌ අඩිය පොළවේ ගහලා
කෑගැසු හැටි මතකයි මට තරහෙන්‌ ඔරවාලා

එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක්‌ වාගෙයි තාත්තේ
එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
දෙවියන්‌ වඳිනා දෑතින්‌ දෙපා වඳින්නම්‌ තාත්තේ

කරපු කියපු දේවල්‌ ගැන දැන්‌ බැලුවම හැරලා
පේනවා ඒ සේරම කලේ අපේ හොඳටයි කියලා
කොයි ලෝකෙක හිටියත්‌ ඔබ අප හැමගෙන්‌ මිදිලා
තාත්තේ.. ඔබෙ පිහිට අදත්‌ තියේ අපට ලැබිලා..
පිහිට අපිට ලැබිලා..

තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුණා
ඒ ඇරපු සත්තම්‌ වලට කන්දෙක මගෙ පිරුණා

එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක්‌ වාගෙයි තාත්තේ
එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
ඔබ නැති අඩුපාඩුව අද මට දැනෙනවා තාත්නේ

එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක්‌ වාගෙයි තාත්තේ
එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
ඔබ නැති අඩුපාඩුව අද මට දැනෙනවා නාත්තේ

එදා මට පෙනුණේ ඔබව හතුරෙක්‌ වාගෙයි තාත්තේ
අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක්‌ වාගෙයි තාත්තේ

Video thumbnail