Ude hawasa muna gehenna linda langa

Ude hawasa muna gehenna linda langa

gypsies
Ude hawasa muna gehenna linda langa Lyrics

උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන
අඟනුන්‌ සැමදෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමය මුල්‌ තැන

ඔමරි පාන කොමල කරන
අඟනුන්‌ සැමදෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමය මුල්‌ තැන

උඩහ ගෙදර හරමයියගෙ ලොකු දුව මැණිකා
ගිය සුමානේ සෙනසුරාදා පොළට ගිහිල්ලා
සොපි අක්කාගෙ පුතා එක්ක ලියක්‌ කරලා
ලයිසා මේක දැකලා ඇවිත්‌ ළිඳ ළඟ තියලා

උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන
අඟනුන්‌ සැමදෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමය මුල්‌ තැන

ඔය ඔමරි පාන කොමල කරන
අඟනුන්‌ සැමදෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමය මුල්‌ තැන

අතේ තිබුණු කලය ටිකක්‌ බිමින්‌ තියලා
සෙලෙස්තිනා හාමි බුලත්‌ විටක්‌ හපාලා
මැගිලින්ගේ කනට යමක්‌ කොඳුරලා කියාලා
මේ බව දුටු කැරලයින්ට තරහා ගිහිල්ලා

උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඬඩ්‌ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන
අඟනුන්‌ සැමදෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමය මුල්‌ තැන

ඔය ඔමරි පාන කොමල කරන
අඟනුන්‌ සැමදෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමය මුල්‌ තැන

හබරයියාගේ ලොකු කොලුවා යුද්දෙට බැඳිලා
කාටත්‌ නොකියා කොළඹින්‌ කසාද බැඳලා
මනමාලි කැරොල්‌ කරත්තයක්‌ කියලා
උන්‌ උඩ පැන පැන හිනා වෙනවා ළිඳ ළඟ ඉඳලා...

උදේ සවස මුණ ගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන
අඟනුන්‌ සැමදෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමය මුල්‌ තැන

ඔමරි පාන කොමල කරන
අඟනුන්‌ සැමදෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමය මුල්‌ තැන

Video thumbnail