Adanne ai sudu manike kiyanna pana mage

Adanne ai sudu manike kiyanna pana mage

h r jothipala
Adanne ai sudu manike kiyanna pana mage Lyrics

අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නේ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල්‌ දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ

කියාපු මිහිරි කතා තවමත්‌ ඇහෙනවා වාගේ
ප්‍රියාවි රැකගන්නම්‌ හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක්‌ නෑ අපි දෙන්නගේ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ
අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ..

මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින්‌ ඒ මල නෙලනා තුරු මැණිකේ

දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම්‌ ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල්‌ අහසේ

අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නේ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙලන්නේ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ...

Video thumbnail