දිය කිඳුරිය සේ.. සාගරේ
දෝතින් ගෙන ආ.. ආදරේ
මහද විමනේ.. ආල සිතුවම්
රුවන් රූ.. පිළිරූ මැවේ...
කිවමැන ඔබ.. කවුදෝ ළඳේ..
දිය කිඳුරිය සේ.. සාගරේ
දෝතින් ගෙන ආ.. ආදරේ
මහද විමනේ.. ආල සිතුවම්
රුවන් රූ.. පිළිරූ මැවේ...
කිවමැන ඔබ.. කවුදෝ ළඳේ..
දේහ ලතාවේ.. රූසිරු වරුණේ.. නොදැනී මේ නෙත යා වෙලා..
දිගු නිල් වරලේ.. නිලුපුල් නයනේ.. සැඟවේවා අද පාවෙලා..
මිණිදැල් පරදා.. හසකැන් නැගුණා.. පෙම් ඇරයුම් ගෙන ආ නියා..
මනසේ ඇඳුනා.. දෙනතින් මිදුණා.. සිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ.. රන්ටැඹ ඔබ වේ.. උපදින සසරේ වාසනා..
දිය කිඳුරිය සේ.. සාගරේ
දෝතින් ගෙන ආ.. ආදරේ
මහද විමනේ.. ආල සිතුවම්
රුවන් රූ.. පිළිරූ මැවේ...
කිවමැන ඔබ.. කවුදෝ ළඳේ..
දෙදෙනා හමුවී.. පෙරදා සසරේ.. උන්නා සේ මට ළංවෙලා..
සුපුරුදු සුවඳයි.. ඔබ ළඟ දැනුණේ.. කවුරුන්දෝ මේ රූපිකා..
හිරු දැක බිඳෙනා.. පිනි මල වාගේ.. ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ.. ඈත ඉසව්වේ.. දෙදෙනා යමු පෙම් චාරකා..
තනිවෙමු ඔබ මා.. මේ සැණකෙළියේ.. ඔබටයි මේ පෙම් ගීතිකා..
දිය කිඳුරිය සේ.. සාගරේ
දෝතින් ගෙන ආ.. ආදරේ
මහද විමනේ.. ආල සිතුවම්
රුවන් රූ.. පිළිරූ මැවේ...
කිවමැන ඔබ.. කවුදෝ ළඳේ..