දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට..
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට..
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට..
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු..
හෙටත් නගපු දෙන් ඔය කිච්බිචිය සුළු සුළු...
අරුත් සුන් වදන් පවසන ගිරවු දොඩමලු..
හෙටත් නගපු දෙන් ඔය කිච්බිචිය සුළු සුළු...
තිගැස්සී සැණින් ඔබ විය යුතුද බියගුළු..
දකින්නට ලැබෙයි අපටත් සිසිල අරුණලු
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට..
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට..
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට..
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..
ඔබේ පිය වදන් පුදදෙන සහන සිතුවිලී..
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී...
ඔබේ පිය වදන් පුදදෙන සහන සිතුවිලී..
අරන් එයි පෙරන් අපමණ සුවය සැනසිලී..
සුගන්ධය ලැබු දින ඇත අවට වෙළි වෙළී..
මගෙන් රන්මලී කුමටද සැලෙන තරු එළී
දිය පොදක් වෙමින් තොල් වියලෙන පිපාසෙට..
නුග රුකක් ලෙසින් උතුරා යන විඩාවට..
පිපි මලක් උනා මල් නොපිපුණු තටාකෙට..
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට..
ඔබ අගෙයි ළඳේ හෙට අදටත් වඩා මට...