Oba nidanna oba nidanna suwen sathapila Lyrics
ඔබ නිදන්න.. ඔබ නිදන්න
සුවෙන් සැතපිලා..
ඉහ ඉද්දර මම ඉන්නම්...
පවන් සල සලා..
ඔබ නිදන්න.. ඔබ නිදන්න
සුවෙන් සැතපිලා..
ඉහ ඉද්දර මම ඉන්නම්...
පවන් සල සලා..
පෙම්බරයන්.. පෙම්බරියන්.. වෙත කියු කතා
පවසන්නම්.. සොඳුරියෙ මම.. ඔබට ගොත ගොතා
රුසිරු කොමල.. රුව රසඳුන්.. උලයි මගෙ නෙතේ
ඉසුරුමුණියේ.. පෙම් යුවලද.. කියා මට හිතේ
ඔබ නිදන්න.. ඔබ නිදන්න
සුවෙන් සැතපිලා..
ඉහ ඉද්දර මම ඉන්නම්...
පවන් සල සලා..
හිත මාගේ.. හඳුනාගත්.. පරමාදරියේ
ඔබ වාගේ.. සුන්දරියක්.. ඇත සීගිරියේ
අපේ ලොවට.. නවෝදයේ.. එළිය පාදනා
අලුත් ඉරක්.. පායනු ඇත.. හෙට උදැසන
ඔබ නිදන්න.. ඔබ නිදන්න
සුවෙන් සැතපිලා..
ඉහ ඉද්දර මම ඉන්නම්...
පවන් සල සලා..
ඔබ නිදන්න.. ඔබ නිදන්න
සුවෙන් සැතපිලා..
ඉහ ඉද්දර මම ඉන්නම්...
පවන් සල සලා..