Raththaran pem purane sithuwam maka

Raththaran pem purane sithuwam maka

h r jothipala
Raththaran pem purane sithuwam maka Lyrics

රත්තරන්‌ පෙම්‌ පුරාණේ හි සිතුවම්‌ මකා
යන්න මගෙ අන්ධ නෙත්‌ තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කුරීරු පිටුපෑම නොපෙනෙන්න නම්‌
දිළිඳු මේ අන්ධ නෙත්‌ වාසනාවන්‌ ළඳේ

රත්තරන්‌ පෙම්‌ පුරාණේ හි සිතුවම්‌ මකා...
යන්න මගෙ අන්ධ නෙත්‌ තාම නොපෙනේ ළඳේ..

ලොවක හිරු එළිය සඳ පහන දැනගන්න හෝ..
උරුම පින්‌ මහිම නැති මා වගේ අන්ධයෝ..

කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවේ ළඳුනි මා අනිනි වරදක්‌ උනේ

ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම්‌ බැඳී
උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිඳී

රත්තරන්‌ පෙම්‌ පුරාණේ හි සිතුවම්‌ මකා...
යන්න මගෙ අන්ධ නෙත්‌ තාම නොපෙනේ ළඳේ..

තේජ අසමාන බලධාරි දෙවියන්‌ පවා...
දෑස නැතිවුන්‌ රකින්නේද සැනසුම්‌ දෙවා

දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ළඳුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ...

ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැඳී
උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිඳී

රත්තරන්‌ පෙම්‌ පුරාණේ හි සිතුවම්‌ මකා
යන්න මගෙ අන්ධ නෙත්‌ තාම නොපෙනේ ළඳේ
මට ඔබේ කු‍රිරු පිටුපෑම නොපෙනෙන්න නම්‌
දිළිඳු මේ අන්ධ නෙත්‌ වාසනාවන්‌ ළඳේ...

Video thumbnail