Sihina Ahase Wasanthe Lyrics
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ
මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා
මල් රැඟුම්...
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
සිහිලැල් පවනේ
ගී හඬ විසිරි
මතකය ඈත රැඳේ..
ගීතිකා එවන් ලොවේ
මා නමින් අදත් ඇසේ
බිඟුනද පාවී ඔය හඬ වාගේ සවනේ රැව් දේ
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
තුරුලිය ගොමුවේ
මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා
මල් රැඟුම්...
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
මග එළි මවනා තරු කැන් ඔබ වේ
තනිවු කතර බිමේ..
මා හදේ හිරුත් ඔබයි
මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ පුදදෙමි සැමදා මහද ප්‍රණාමේ
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ
මල් පෙති වාගේ ළං වෙමු භවයේ
මින්මතු සසදළේ තනි නොවේ
සිහින අහසේ වසන්තේ
තාරකා මල් දිලිසුනා
රංචු ගැසිලා කුරුල්ලෝ
ඔහේ පියඹා ගියාවේ...