Diyaberaliya dalu nelanna giya da

Diyaberaliya dalu nelanna giya da

harshana dissanayake
Diyaberaliya dalu nelanna giya da Lyrics

දිය බෙරලිය දළු.. නෙලන්න ගිය දා
වැටුණු අනෝරා.. මහ වරුසාවේ
කිරිල්ලියක සේ.. මා උණුසුම්‌ කර
පෑව සෙනෙහෙ මට.. මතකයි කිරි අම්මේ..

හේලංකඩ යට.. හීතල හෙවණේ
අමල්‌ බිසෝ ගැන.. කතා කියා දී
ඇඟිලි තුඩින්‌ මගේ.. හිස සනසාපන්‌
නිවන්‌ පුරේ ගිය.. පෙම්බර කිරි අම්මේ..

වැලි පිල්ලෑවේ.. නුඹේ නමින්‌ තව
ඉද්ද පිපෙනවා.. හැන්දෑවේ..
ගරා වැටී ගිය.. බුලත්‌ පන්දලම්‌
කඳුළු සලනවා.. සංකාවේ..

දිය බෙරලිය දළු.. නෙලන්න ගිය දා
වැටුණු අනෝරා.. මහ වරුසාවේ
කිරිල්ලියක සේ.. මා උණුසුම්‌ කර
පෑව සෙනෙහෙ මට.. මතකයි කිරි අම්මේ..

වියන්‌ ඇඳේ මා.. තනිව නිදද්දී
නුඹේ සුවඳමයි.. දැවටෙන්නේ
අනෝතප්ත විල්‌.. තෙරේ හිඳන්‌ නුඹ
හිනාවෙයන්‌ මට.. කිරි අම්මේ..

දිය බෙරලිය දළු.. නෙලන්න ගිය දා
වැටුණු අනෝරා.. මහ වරුසාවේ
කිරිල්ලියක සේ.. මා උණුසුම්‌ කර
පෑව සෙනෙහෙ මට.. මතකයි කිරි අම්මේ..

හේලංකඩ යට.. හීතල හෙවණේ
අමල්‌ බිසෝ ගැන.. කතා කියා දී
ඇඟිලි තුඩින්‌ මගේ.. හිස සනසාපන්‌
නිවන්‌ පුරේ ගිය.. පෙම්බර කිරී අඅම්මේ..

Video thumbnail