Heena pena hama rakama

Heena pena hama rakama

harshana dissanayake
Heena pena hama rakama Lyrics

හීන පේන හැම රෑකම.. වෙන කාටත්‌ නොකී..
ලේන කුලේ සිට නුඹ මට.. යශෝදරාවකී.....
නීල නුවන්‌ යුග නොපියා.. තනි යහනේ සිටී..
ආලවන්ත කම ළඳුනේ.. පාරමිතාවකී..

පේරැස්  මුදුවක්‌ පළඳන.. නැකතක්‌ නොයෙදුනේ..
මේ වස්දඬු රාවය මැද.. නුඹ සිහිනෙන්‌ පෙනේ..
පාළොස්වක සඳ ඉල්ලා.. මාස පෝය දිනේ..
මේ ඇස්‌ දෙක ළඟ නාඩන්‌.. එතකොට දුක දැනේ..

පේළි සැදී දළදා වැඳ.. මට හිනැහුණ රැයේ..
මාළිගාව මගේ වගේ.. දැනුණා සොඳුරියේ..
වාවගන්න බැරි තනිකම.. හිරකර ගෙන ළයේ..
ජීවිතේම හොරු අරගෙන.. කොහෙදෝ නුඹ ගියේ..
ජීවිතේම හොරු අරගෙන.. කොහෙදෝ නුඹ ගියේ..
ජීවිතේම හොරු අරගෙන.. කොහෙදෝ නුඹ.. ගියේ...

Video thumbnail