Pathum mal nela pasakata Lyrics
පැතුම් මල් නෙලා පැසකට
අතින් අත අරන්..
ගොසින් ජීවිතේ සමනොල
වඳිමු අත් බැඳන්..
හිතින් පෙම් පිරුණු පෙම්බර
සිනහා මල් නෙලන්..
ඉතින් ආදරේ ගී පද
ගයමු හිත් බැඳන්..
මැවෙයි හිත පිනයි කතරේ
මිරිඟු දිය තැනී..
මුලාවනු එපා ජීවන
පහන මම වෙමී..
පිපී අත වනයි මාවත
බොළඳ හසරැලී..
පියාඹනු එපා ආදර
කිරුළ මට හිමි..
දුරයි පා රිදෙයි යන මග
රුදුරු කටු ඇනී..
අඬන්නට එපා තනියට
සදා ළඟ ඉමි...
අඳුරු ගන වලා හිනැහේ
රිදී ඉරි ඇඳේ..
වසන්තය වෙලා ඉමු අපි
ගෙවෙන තුරු දිවි...