Polowen Mathuwana Minikata

Polowen Mathuwana Minikata

harshana dissanayake
Polowen Mathuwana Minikata Lyrics

පොළොවෙන්‌ මතුවන මිණි කැට
මනරම්‌ දිවයින මගෙ රට (මනරම් දිවයින මගෙ රට)
ගැතියන්‌ නොව පිට රටකට
බැතියෙන්‌ සුරකිමු සදහට (බැතියෙන්‌ සුරකිමු සදහට)

පොළොවෙන්‌ මතුවන මිණි කැට
මනරම්‌ දිවයින මගෙ රට (මනරම් දිවයින මගෙ රට)
ගැතියන්‌ නොව පිට රටකට
බැතියෙන්‌ සුරකිමු සදහට (බැතියෙන්‌ සුරකිමු සදහට)

ගිරි සිරසින්‌ සැදී ඇදී.. (ගිරි සිරසින්‌ සැදී ඇදී)
කළු මහවැලි කැලණි නදී....(කළු මහවැලි කැලණි නදී)
දසත ගලා.. දෙරණ සලා
හෙළ බිම සරු කරන ලදී..

සීගිරියේ බිතු සිතුවම්‌.. (සීගිරියේ බිතු සිතුවම්‌)
ඉසුරුමුණියේ ගල්‌ කැටයම්.. (ඉසුරුමුණියේ ගල්‌ කැටයම්)
සිරි ඉතිරේ.. අනුරපුරේ
යුගයක හෙළ විරු විකුමන්‌..

පොළොවෙන්‌ මතුවන මිණි කැට
මනරම්‌ දිවයින මගෙ රට (මනරම් දිවයින මගෙ රට)
ගැතියන්‌ නොව පිට රටකට
බැතියෙන්‌ සුරකිමු සදහට (බැතියෙන්‌ සුරකිමු සදහට)

වැවෙන්‌ ජලය කෙතට හලා.. (වැවෙන්‌ ජලය කෙතට හලා)
ගලෙන්‌ විකුම්‌ පිළිම නෙලා....(ගලෙන්‌ විකුම්‌ පිළිම නෙලා)
පොළොන්නරුවෙ හෙළ විරුවන්‌
රුවන් දෙරණ සසිරි කළා..

අසිරිය දැක මගෙ රටේ.. (අසිරිය දැක මගෙ රටේ)
පිට රැටිනගෙ අව්‌ ගැටේ.. (පිට රැටිනගෙ අව්‌ ගැටේ)
එකමුතු වෙමු.. නිති සුරකිමු
උරුමය අප දිනු රටේ..

පොළොවෙන්‌ මතුවන මිණි කැට
මනරම්‌ දිවයින මගෙ රට (මනරම් දිවයින මගෙ රට)
ගැතියන්‌ නොව පිට රටකට
බැතියෙන්‌ සුරකිමු සදහට (බැතියෙන්‌ සුරකිමු සදහට)

පොළොවෙන්‌ මතුවන මිණි කැට
මනරම්‌ දිවයින මගෙ රට (මනරම් දිවයින මගෙ රට)
ගැතියන්‌ නොව පිට රටකට
බැතියෙන්‌ සුරකිමු සදහට (බැතියෙන්‌ සුරකිමු සදහට)

Video thumbnail