Kana widina wele kadulu gange

Kana widina wele kadulu gange

henry caldera
Kana widina wele kadulu gange Lyrics

කන විදින වෙලේ කඳුළු ගඟේ
පතුල බැලූ දූ..
අද සතුටු ගඟේ හිනැහෙනවා
දාලා කරාබූ.. ආයි දාලා කරාබූ

කන විදින වෙලේ කඳුළු ගඟේ
පතුල බැලූ දූ..
අද සතුටු ගඟේ කිමිදෙනවා
දාලා කරාබූ.. ආයි දාලා කරාබූ

පුංචි ටිකිරි පාද තියා.. කණ්ණාඩිය වෙතට ගියා
පුංචි ටිකිරි පාද තියා.. කණ්ණාඩිය වෙතට ගියා
දුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා

කන විදින වෙලේ කඳුළු ගඟේ
පතුල බැලූ දූ..
අද සතුටු ගඟේ කිමිදෙනවා
දාලා කරාබූ.. ආයි දාලා කරාබූ

තරු තුනකට එකම හඳයි.. හඳ නිලඹර එළිය කරයි
තරු තුනකට එකම හඳයි.. හඳ නිලඹර එළිය කරයි
තරුයි හඳයි බැබළේවා නිතර දෙවේලේ
මගෙ රට බබළන හඳක්‌ වෙන්න දුව මතු කාලේ
මුළු රට බබළන හඳක්‌ වෙන්න දුව මතු කාලේ

කන විදින වෙලේ කඳුළු ගඟේ
පතුල බැලූ දූ..
අද සතුටු ගඟේ කිමිදෙනවා
දාලා කරාබූ.. ආයි දාලා කරාබූ

කන විදින වෙලේ කඳුළු ගඟේ
පතුල බැලූ දූ..
අද සතුටු ගඟේ කිමිදෙනවා
දාලා කරාබූ.. ආයි දාලා කරාබූ

මගෙ පුංචි කුමාරී.....  සුළු දෝණි තුෂාරි..
මඟෙ පුංචි කුමාරී..... සුළු දෝණි තුෂාරි..
මගෙ පුංචි කුමාරී..... සුළු දෝණි තුෂාරි...

Video thumbnail