Penunu suwa dasun dasa atha milina wee

Penunu suwa dasun dasa atha milina wee

henry caldera
Penunu suwa dasun dasa atha milina wee Lyrics

පෙනුණු සුව දසුන්‌ දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙඇස පිය පියා..
ඔබ තාම නෑ.. දයාවියේ.. මට ආදරේ කියා..

සෙල්ලම්‌ ගෙවල්‌ තනාගෙන.. වැලි බත්‌ උයා කවා
වල්‌ කොළ කොටා දියේ මුසු..කර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ.. සැණකිළි නොමැත මගහැරි..
මට ආදරේ.. කියන්නකො... මුවගින්‌ අමා පිරී..

ඇන්ද රතු වලා සිතුවම්‌ හකුළුවා තියා
සිතරු සැඳැ අඳුරට ඉඩ නබා ගියා
සීත සඳ නැගෙයි පෙරඹර කවුළු දොර අයා..
ඔබ තාම නෑ.. දයාවියේ.. මට ආදරේ කියා..

හමුවිම්‌ අනන්ත මල්‌.. රුව මිස සුවඳ නොතැවැරි
ලියලයි හදේ පැතුම්‌ වැල.. ඔබ වෙතම හැරි හැරි
පාළුව ලැගුම්‌ ගනී.. හද තුළ පතුල එරී එරී.....
මට ආදරේ.. කියන්නකො... මුවගින්‌ අමා පිරී..

පෙනුණු සුව දසුන්‌ දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිනකට දෙවනවද ඔයා
යහන මත වදී.. හිරු දෙවි දෙඇස පිය පියා..
ඔබ තාම නෑ.. දයාවියේ.. මට ආදරේ කියා..
ඔබ තාම නෑ.. දයාවියේ.. මට ආදරේ කියා..
ඔබ තාම නෑ.. දයාවියේ.. මට ආදරේ කියා..
ඔබ තාම නෑ.. දයාවියේ.. මට ආදරේ කියා...

Video thumbnail