Athagili badune ai me wilasin Lyrics
අතැඟිලි බැඳුණේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
ඇසෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමන්
ඔබ ළඟ ඉන්නට
ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට
නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමන්
සිත සිත ඔබ ගැන
දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණේ ඇයි අපි
ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
ඇසෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමන්
සිතු පැතු සැමදේ
නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු
යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
ඇසෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙමන්...