Eda tharam mage sithe

Eda tharam mage sithe

indrani perera
Eda tharam mage sithe Lyrics

එදා තරම්‌ මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්‌
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක්‌
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්‌
පෙනුනේ මට ඔබේ දෙනෙත්‌ වල ලියවුණු පොඩි රහසක්‌

සැණකෙළියේ විසිතුරු මට මොහොතින්‌ අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන්‌ පාවුණාද
අක්කා අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත්‌ වලින්‌ මා පැවසු රහස ඔබට වැටහුණාද

එදා තරම්‌ මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්‌
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක්‌
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට ඉවනසක්‌
පෙනුනේ මට ඔබේ දෙනෙත්‌ වල ලියවුණු පොඩි රහසක්‌

මුවච කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුනාද
මගෙ දෙනෙතේ දැකුම්‌ බලා සැනසුමි සුසුමක්‌ ගියාද
හෙට හවසත්‌ මා එනතුරු මග බලමින්‌ ඉන්නවාද
සැණකෙලියේ අපේ පැතුම්‌ ඉතිරි පැතිරි ගියාද

එදා තරම්‌ මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්‌
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක්‌
සැණකෙළියේ කිසිම දෙයක දැනුණේ නැහැ මට වෙනසක්‌
පෙනුනේ මට ඔබේ දෙනෙත්‌ වල ලියවුණු පොඩි රහසක්‌

Video thumbnail