Neth yuga ran tharu yuwala thamai

Neth yuga ran tharu yuwala thamai

indrani perera
Neth yuga ran tharu yuwala thamai Lyrics

නෙත්‌ යුග රන්තරු.. යුවල තමයි
තොල්‌ පෙති නාදළු.. වලට සමයි
මගෙ හද ඔබේ සුව.. යහන තමයි
ඔබ සොයනා කළු.. කෙල්ල මමයි
ඔබ සොයනා කළු.. කෙල්ල මමයි

අඳුරින්‌ බර වැලි කතර පවා..
ආලෝකය දෙමි උදය හවා..
ගිමනට සීතල සෙවණ මවා..
දිය දහරක්‌ වෙමි පවස නිවා....
දිය දහරක්‌ වෙමි පවස නිවා....

නෙත්‌ යුග රන්තරු.. යුවල තමයි
තොල්‌ පෙති නාදළු.. වලට සමයි
මගෙ හද ඔබේ සුව.. යහන තමයි
ඔබ සොයනා කළු.. කෙල්ල මමයි
ඔබ සොයනා කළු.. කෙල්ල මමයි

රළ ලෙස ජීවන දිය දහරේ..
අත ගෙන එමි ඔබ යන පාරේ..
සුපුරුදු ගතිගුණ අත නෑරේ...
දුක හෝ සැප විඳ ගමු මිහිරේ..
දුක හෝ සැප විඳ ගමු මිහිරේ..

නෙත්‌ යුග රන්තරු.. යුවල තමයි
තොල්‌ පෙති නාදළු.. වලට සමයි
මගෙ හද ඔබේ සුව.. යහන තමයි
ඔබ සොයනා කළු.. කෙල්ල මමයි
ඔබ සොයනා කළු.. කෙල්ල මමයි

Video thumbnail