Mal sutikko sindu kiyapan Lyrics
මල් සූටික්කෝ සින්දු කියාපන්
මාදං අත්තක වාඩි වෙලා..
පිළේ ඉඳන් ඒ සින්දු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් සලා..
අමතක නොමවන.. මතක සිහින ළඟ
මා හද ඉකිබිඳ අඬන වෙලේ..
අමතක නොමවන.. මතක සිහින ළඟ
මා හද ඉකිබිඳ අඬන වෙලේ..
පිපෙන කුසුම් ගැන.. සමනලයින් ගැන
එපා ගයන්නට සූටික්කෝ..
මල් සූටික්කෝ සින්දු කියාපන්
මාදං අත්තක වාඩි වෙලා..
පිළේ ඉඳන් ඒ සින්දු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් සලා..
ලොවකට නෑසෙන.. මගේ ගීතයට
නුඹේ මියුරු හඬ දීපන්නේ..
ලොවකට නෑසෙන.. මගේ ගීතයට
නුඹේ මියුරු හඬ දීපන්නේ..
කණාමැදිරි එළි.. වගේ නිවී ගිය
ආදරයක් ගැන ගයපන්නේ..
මල් සූටික්කෝ සින්දු කියාපන්
මාදං අත්තක වාඩි වෙලා..
පිළේ ඉඳන් ඒ සින්දු අහන්නම්
හිතේ කඳුළු බිඳු නෙතින් සලා...