රතු පාට මල්.. මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
මල් පවන මට තාම මතකයි
රතු පාට මල්.. මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
මල් පවන මට තාම මතකයි
සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වී දෝ
සුදු පාට රැලි ගවුම කරදාසි සිරි සිරිය
වැහිදාට තෙත බරිත වී දෝ
හුණුකූරු ගෙවිලා.. සිතියම් පොතේහි
ඇදුනේම බලි රූප නේදෝ
රතු පාට මල්.. මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
මල් පවන මට තාම මතකයි
ගඳපාන ගැට පේර නෑ දැන් හැදෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ..
ගඳපාන ගැට පේර නෑ දැන් හැදෙන්නේ
හැමදාම දැන්නම් අවාරේ..
මගෙ පන්තියේ උන්.. මා දැන් මකකොහෙදෝ
මොනවා වුණා දැයි නොතේරේ..
රතු පාට මල්.. මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
මල් පවන මට තාම මතකයි
රතු පාට මල්.. මට තාම මතකයි
ගුරු පාර සරසන්න ලස්සනට මල් ඉහුන
මල් පවන මට තාම මතකයි