වෙසක් කැකුලු අතු අග ඉඳ නටන විලාසේ..
ඉරෙත් හඳත් සිරි විඳ විද රඟන විලාසේ
වෙසක් කැකුලු අතු අග ඉඳ නටන විලාසේ..
ඉරෙත් හඳත් සිරි විඳ විද රඟන විලාසේ
පියලි සලාලා.. රේණු හලාලා..
සුවඳ උරා සිසිල් සුළං හමන්නේ..
ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ. .
දවට ගහේ ගහ මුදුනේ කොහා හඬන්නේ..
කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ..
දවට ගහේ ගහ මුදුනේ කොහා හඬන්නේ..
කෑරලාද නාද දෙමින් ගහට කොටන්නේ..
ටිං ටිං සද්දේ.. ඒ මැද ඇත්තේ..
ගම වටකර කුරුළු ගීත ඇසෙන්නේ...
ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ..
කදා වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ..
ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි ළඳුන්නේ..
කදා වළලු දෑත දිගේ ටිකිරි ලියන්නේ..
ටිකිරි ටිකිරි වළලු හඬයි ළපටි ළඳුන්නේ..
ගීත ගයන්නේ.. ගයා නටන්නේ..
කොලු කෙලි පොදි ගී ගයමින් නටන්නේ...
ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ
ලොවම අවදි වෙමින් අමුතු පණක් ලබන්නේ..
වෙසක් කැකුලු අතු අග ඉඳ නටන විලාසේ..
ඉරෙත් හඳත් සිරි විඳ විද රඟන විලාසේ
වෙසක් කැකුලු අතු අග ඉඳ නටන විලාසේ..
ඉරෙත් හඳදත් සිරි විඳු විද රඟන විලාසේ...