Balikaviyan thaksala doren

Balikaviyan thaksala doren

janaka wickramasinghe
Balikaviyan thaksala doren Lyrics

බාලිකාවියන්‌.. තක්සලා දොරෙන්‌..
ඉස්සිලා හොරෙන්‌ බලාවි ගස්සලා නුවන්‌...

යන්තරේ හඬින්‌.. මන්තරේ දුමින්‌..
රාවණා ඇවිත්‌ හිඳීවි සෙයිලමේ ඉඳන්‌..

ලියා මුතු වදන්‌.. යොමා සුවඳ පැන්‌..
එවා දූතයන්‌ කරමත මහා පෙම්‌ හසුන්‌..
මවා බො‍රු වදන්‌.. ගෙනා අවසරෙන්‌..
මිදී කූඩුවෙන්‌ ඉගිලෙති ස්වර්ණමාලියන්‌..

බාලිකාවියන්‌.. තක්සලා දොරෙන්‌..
ඉස්සිලා හොරෙන්‌ බලාවි ගස්සලා නුවන්‌...

යන්තරේ හඬින්‌.. මන්තරේ දුමින්‌..
රාවණා ඇවිත්‌ හිඳීවි සෙයිලමේ ඉඳන්‌..

උත්පලාවියන්‌.. බාල බොළඳියන්‌..
මත්වෙලා පෙමින්‌ දෙනුවන්‌ පෙම්බරා ළඟින්‌..
මල්‌ වැටෙන්‌ එහා.. රඟහලින්‌ මෙහා..
සිනා පාරුවෙන්‌ කොතැනද රංගනේ රැඟුම්..

බාලිකාවියන්‌.. තක්සලා දොරෙන්‌..
ඉස්සිලා හොරෙන්‌ බලාවි ගස්සලා නුවන්‌...

යන්තරේ හඬින්‌.. මන්තරේ දුමින්‌..
රාවණා ඇවිත්‌ හිඳීවි සෙයිලමේ ඉඳන්‌..

Video thumbnail