Sanda kindura miyagiya Lyrics
සඳ කිඳුරා මිය ගියා
ගමට එන්න නංගියේ..
පසළොස්වක පොය දා
අවසන් කටයුතු කළා..
පසළොස්වක පොය දා
අවසන් කටයුතු කළා..
ගමේ නාඩගම් පොළේ
කිඳුරිය වී නුඹ එදා..
ගැයු ලිය ගී විකුණන්නට
කොළොම්තොටට ඉගිලුණා..
කණ කෙකිණිය ගමට ඇවිත්
ඇඬුවා නුඹ ගැන කියා..
ඇඬුවා නුඹ ගැන කියා..
වෙල් දෙනි ඕවිටි පුරා
තනිවම සී පද කියා..
තනිව හිටිය කින්නරා
ළය දැදුරුව මිය ගියා..
කණ කෙකණිය අඬන්නේ නෑ
ඇඟේ කඳුළු නැනි නිසා..
ඇඟේ කඳුළු නැති නිසා..
සඳ කිඳුරා මිය ගියා...
ගමට එන්න නංගියේ..
පසළොස්වක පොය දා
අවසන් කටයුතු කළා..
පසළොස්වක පොය දා
අවසන් කටයුතු කළා...